• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුවේ 12 වන වාර්ෂික මහා සභා රැස්වීම ඩිජිටල් ක්‍රමයට පවත්වයි.

අමානා බැංකුව May 17, 2021

අමානා බැංකුවේ 12 වන වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා ඩිජිටල් ක්‍රමයට පවත්වන ලදි. COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ රජය විසින් හඳුන්වා දෙන ලද මාර්ගෝපදේශ වලට අනුකූලව මේ ආකාරයට මෙම වාර්ෂික මහා සභා රැස්වීම ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් පැවැත්විණි. 2020 වසරේදී අමානා බැංකුව, ඩිජිටල් ක්‍රමයට වාර්ෂික මහා සභා රැස්වීම් පැවැත්වූ ප්‍රථම සමාගම් වලින් එකක් බවට පත්වූ අතර, එම වසරේ අතිවිශේෂ මහා සභා රැස්වීමද එම ක්‍රමයටම පවත්වන ලදි.

2021 අප්‍රේල් 23 වන දින, ගණපූර්ණයට අවශ්‍ය සියලුම සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වය සහිතව මෙම 12 වන වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්විණි. බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සිට අතථ්‍ය යෙදුමක් (Virtual application) හරහා එය සජීවී ලෙස විකාශය කරන ලදි. සභාපති අස්ගි අක්බරලි මහතාගේ ප්‍රධානත්වයෙන්, අධ්‍යක්ෂවරුන් වන ප්‍රදීප් ඩිල්ශාන් රජීව හෙට්ටිආරච්චි, ඒරන් රසල් ඩේවිඩ්සන්, මොහොමඩ් ඇඩමලි, ටිශාන් සුබසිංහ, ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් සහ බැංකුවේ කළමනාකාරීත්ව කමිටුවේ සාමාජිකයන් මෙම රැස්වීමට එක්වූ අතර, අමානා බැංකුවේ විදේශ අධ්‍යක්ෂවරුන් වන රජීව් නන්ද්ලාල් ද්විවේදි, මොහොමඩ් අතාවුර් රහ්මාන් චෞද්රි, සයිඩ් මුහම්මද් අසීම් රාසා, ඛයිරුල් මුසම්මිල් පෙරේරා සහ පෝල් මර්සර් යන මහත්වරුද දුරස්ථ ක්‍රමයට ඒ හා සම්බන්ධ වූහ. අතථ්‍ය පදනම සමග සම්බන්ධ වී සිටි කොටස් හිමිකරුවන්ටද එම රැස්වීමට සක්‍රීය ලෙස දායක වන ලෙසට ආරාධනා කරන ලදි. බැංකුවේ බාහිර විගණකවරුන් වන Ernst & Young (EY) ඇතුළු තවත් බාහිර පාර්ශ්වකරුවන් පිරිසක්ද මෙම රැස්වීම නැරඹූහ.

අමානා බැංකුවේ ඩිජිටල් මහා සභා රැස්වීම පිළිබඳව අදහස් දක්වමින් සභාපති අස්ගි අක්බරලි මහතා මෙසේ පැවසී ය. " අතථ්‍ය (Virtual) රැස්වීම් 'නව සාමාන්‍යයේ' අංගයක් වී ඇති පසුබිමක් තුළ, සහ විශේෂයෙන්ම සෞඛ්‍යය හා සුරක්ෂිතතාවට ප්‍රමුඛත්වය ලබාදිය යුතු තත්ත්වයක් හමුවේ, නැවත වරක් අපගේ වාර්ෂික මහා සභා රැස්වීම මේ ආකාරයට ඩිජිටල් ක්‍රමයට පැවැත්වීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙම රැස්වීම සාර්ථක කරගැනීම සඳහා සක්‍රීය ලෙස සම්බන්ධ වූ සියලුම කොටස් හිමිකරුවන්ට මාගේ ස්තුතිය පළකර සිටිනවා."

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo