COVID-19 රෝග ව්‍යාප්තිය නිසා විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවූ ජනතාව යළි නගාසිටුවමින්, රජය ක්‍රියාවට නංවා ඇති 'Restart Sri Lanka' වැඩසටහනටද දායක වීමේ අරමුණ පෙරදැරිව, සිය රන් සහතිකපත් මූල්‍ය පහසුකම් ක්‍රමය යටතේ හදිසියකදී සහනයක් ලෙස ලබාදෙන මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට අමානා බැංකුව පියවර ගෙන තිබේ.
මෙම පහසුකම යටතේ, ආරක්ෂාව සඳහා රන් භාණ්ඩ තැන්පත් කිරීමේ සහතිකපත ඉදිරිපත් කිරීම මගින් ගනුදෙනුකරුවන්ට මාස 12 ක කාලයක් තුළ ආපසු ගෙවීම සඳහා, කිසිදු ගාස්තුවකින් තොර ණය මුදලක් ලබාගත හැක. කල්පිරීමේදී ගනුදෙනුකරු කළ යුතු වන්නේ තමන් ලබාගත් මුදල් ප්‍රමාණය ආපසු ගෙවීම පමණක් වන අතර, ඒ සඳහා කිසිදු අතිරේක මුදලක් ගෙවිය යුතු නොවේ. මෙම මූල්‍ය සේවාව පිළිබඳව වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගැනීම සඳහා http://bit.ly/Emergency_Cash හරහා වීඩියෝව නරඹන මෙන් අමානා බැංකුව ගනුදෙනුකරුවන්ට ආරාධනා කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ පාරිභෝගික මූල්‍ය අත්තිකාරම් අංශයේ ප්‍රධානී රාමක්‍රිෂ්ණන් කිරුබාකරන් මහතා මෙසේ පැවසී ය. "මේ අභියෝගකාරී කාලසීමාවේදී බොහෝ දෙනෙකු ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිනවා. මානුෂ හිතවාදී බැංකුවක් ලෙස එම දුෂ්කරතාවන් හොඳින් වටහා ගනිමින්, හදිසි මුදල් අවශ්‍යතාවකදී ඔවුන්ට අත්වැලක් වීම සඳහා අපගේ රන් සහතිකපත් මූල්‍ය සම්පාදන පහසුකම යටතේ ලබාදෙන මුදල් ප්‍රමාණය වැඩි කිරීමට අප කටයුතු කළා."
අමානා බැංකුව යනු ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින, පොලිය රහිත සහ මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතියට පූර්ණ වශයෙන් අනුගතව මෙහෙයුම් සිදුකිරීම සඳහා මෙරට තුළ බලපත්‍ර හිමි ප්‍රථම සහ එකම පෞද්ගලික බැංකුවයි. ‘සංවර්ධනයට අත්වැලක් සහ ඉසුරුමත් ජීවිතයක්’ ඉලක්ක කරගත් එම බැංකුව මේ වනවිට ක්‍රමයෙන් වර්ධනය වන ශාඛා හා ස්වයං බැංකුකරණ සේවා ජාලයක් ඔස්සේ ජනතාවට සේවය සලසන අතර එහි ගනුදෙනුකරුවන්ට ATM යන්ත්‍ර 4500 කට අධික සංඛ්‍යාවක් සහ, ක්ෂණික තැන්පතු සඳහා Pay&Go යන්ත්‍ර 850 කට අධික සංඛ්‍යාවක් භාවිතා කිරීමට අවස්ථාව හිමි වී තිබේ. තවද අන්තර්ජාල හා ජංගම දුරකථන බැංකුකරණ පහසුකම්, පැය 24 පුරා ක්‍රියාත්මක මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර සහ කාන්තාවන් සඳහා වෙනම බැංකුකරණ ඒකක වැනි පහසුකම්ද පිරිනැමීමට අමානා බැංකුව මේ වනවිට පියවර ගෙන ඇත.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. ‘ඕෆන්කෙයාර්’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.