අමානා බැංකුවේ නවතම ස්වයං බැංකුකරණ මධ්යස්ථානය පසුගියදා එරාවුර් පත්තු ප්රදේශයේදී විවෘත කරන ලදි. මෙය අමානා බැංකුවේ ස්වයං බැංකුකරණ මධ්යස්ථාන ජාලයට එක් වූ 49 වැනි මධ්යස්ථානයයි. එරාවුර් පත්තු ප්රදේශයේ ජනතාවට වඩාත් පහසුවෙන් තම බැංකු සේවා අවශ්යතා සපුරාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම ස්වයං බැංකුකරණ මධ්යස්ථානය විවෘත කරන ලදි.
එරාවුර් නගරයේ මිච්නගර් ප්රදේශයේ මීරාකර්නි පාරේ පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇති මෙම නව මධ්යස්ථානය හරහා ගනුදෙනුකරුවන්ට සෑම දිනකම පැය 24 පුරා මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ගැනීම සහ චෙක්පත් තැන්පත් කිරීම යන සේවාවන් ලබාගත හැකි වේ. නව මධ්යස්ථානයන් සමඟ දැන් නැගෙනහිර පළාතේ අමානා බැංකුවේ ස්වයං බැංකුකරණ මධ්යස්ථාන සංඛ්යාව 14 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මීට අමතරව පූර්ණ සේවාවන් සපයන ශාඛා 9 ක් ද එම පළාත තුළ ක්රියාත්මක වේ.
මෙම මධ්යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එරාවූර් පත්තු ප්රාදේශීය සභාවේ සභාපති එම්. මුරලිදරන් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් මෙන්ම ප්රදේශයේ කැපීපෙනෙන පුද්ගලයන්, ප්රධාන පෙළේ ව්යාපාරිකයන් සහ ගනුදෙනුකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. අමානා බැංකුව නියෝජනය කරමින් එහි සහකාර උප සභාපති (සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර සහ ප්රාදේශීය ශාඛා) අර්ෂාඩ් අඩ්නාන්, පාරිභෝගික විකුණුම් සහ අත්පත් කර ගැනීම් අංශ ප්රධානී මොහොමඩ් අස්මිල්, කළමනාකරු (ස්වයං බැංකුකරණ මධ්යස්ථාන මෙහෙයුම්) ඉම්රාන් මොහොමඩ්, එරාවූර් ශාඛාවේ කළමනාකරු මාහිර් බදුර්දීන් සහ කදුරුවෙල ශාඛාවේ කළමනාකරු ජිෆ්රි රාසික් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් අමානා බැංකුවේ සහකාර උප සභාපති (සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර සහ ප්රාදේශීය ශාඛා) අර්ෂාඩ් අඩ්නාන් මහතා මෙසේ පැවසීය: "ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් අපගේ 49 වන ස්වයං බැංකුකරණ මධ්යස්ථානය එරාවුර් පත්තු ප්රදේශයේ විවෘත කිරීමට අප පියවර ගත්තා. මෙමඟින් එරාවුර් පත්තු ප්රදේශයේ ජනතාවගේ බැංකු සේවා අවශ්යතා සපුරාලන අතරම, ඔවුන් සමඟ පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට අප බලාපොරොත්තු වෙනවා.”
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්රී ලංකා මහ බැංකුවේ බලපත්රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.
අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්රාහකයා ලෙස කටයුතු කරයි
ඡායාරූපය : එරාවුර් පත්තු ස්වයං බැංකුකරණ මධ්යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ අමානා බැංකුවේ සහකාර උප සභාපති අර්ෂාඩ් අඩ්නාන්, එරාවුර් පත්තු ප්රාදේශීය සභාවේ සභාපති එම්. මුරලිදරන්, එම ප්රාදේශීය සභාවේ මන්ත්රී ඒ. එස්. එම්. රස්මි සහ එරාවුර් ශාඛාවේ කළමනාකරු බී. එම්. මාහිර් යන මහත්වරුන්