• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුව ‘විශිෂ්ටතම සේවායෝජක සන්නාමය’ දිනා ගනී.

Amãna Bank December 4, 2020

ලෝක මානව සම්පත් සංවර්ධන කොන්ග්‍රසය (World HRD Congress) මගින් පසුගියදා සංවිධානය කරන ලද ‘විශිෂ්ටතම සේවා යෝජක සන්නාම 2020’ සම්මාන උළෙලේ ශ්‍රී ලංකා අදියරේදී අමානා බැංකුව විශිෂ්ටතම සේවායෝජක සන්නාමය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. අමානා බැංකුවට මෙම සම්මානය හිමි වූයේ මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් හා ආයතන රාශියක් අතරිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසී ය. “මේ සම්මානය හිමිවීම අප ලැබූ විශාල ගෞරවයක්. ඉහළ දායකත්වයක් ලබාදෙන කාර්ය මණ්ඩලයක් සමගින් දියුණුව කරා ගමන් කිරීම සම්බන්ධයෙන් අමානා බැංකුව සතු ක්‍රමෝපායික දිශානතියේ සාර්ථකත්වයට මෙය ඉතා හොඳ සාක්ෂියක්. වෘත්තීය දියුණුවට අවස්ථා ඇති, ආයතනයේ ඉලක්ක වෙනුවෙන් සක්‍රීයව දායක වන, පොදු අරමුණු සහිත සහ කාර්ය සාධනයට කැපවුණු කාර්ය මණ්ඩලයක් සිටීම ආයතනයකට අතිශයින් වැදගත්. මෙම සම්මානයේ ගෞරවය අපගේ 900 කට අධික සාමාජික සාමාජිකාවන් වෙත හිමිවිය යුතුයි කියා මා සිතනවා. සංවර්ධනයට අත්වැලක් සහ ඉසුරුමත් ජීවිතයක් යන අරමුණ කරා පියනගන ගමනේ ගාමක බලවේගය වන්නේ ඒ පිරිසයි.”

අමනා බැංකුවේ මානව සම්පත් අංශයේ ප්‍රධානී ෆර්හාන් රෙෆායි මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. “මෙම සම්මානය, අපගේ කාර්ය මණ්ඩලයේ උනන්දුව හා කැපවීම වෙනුවෙන් ලැබුණු ඇගයීමක් ලෙස හැඳින්විය හැකියි. මේ අනපේක්ෂිත දුෂ්කරතා වලින් පිරි කාලසීමාවේ පවා ඔවුන් ගනුදෙනුකරුවන්ගේ යහපත වෙනුවෙන් වෙහෙස නොබලා රාජකාරි කරමින් සිටිනවා. මෙවැනි කණ්ඩායමක් හිමිවීම අප ලද සැබෑම ආශීර්වාදයක්’.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

අමනා බැංකුවේ මානව සම්පත් අංශයේ ප්‍රධානී ෆර්හාන් රෙෆායි මහතා

අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo