A- A A+
සෙවීමට
  • Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුව යළිත් වරක් Global Finance සම්මානය දිනා ගනියි

අමානා බැංකුව November 10, 2020

අමානා බැංකුව යළිත් වරක් ලෝ ප්‍රකට Global Finance Magazine සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීමට සමත් විය. ලොව පුරා පොලී රහිත  මූල්‍ය සේවා සමාගම් අතරින් මෙලෙස සම්මානයට පාත්‍ර වීමට අමානා බැංකුවට හැකියාව ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ බැංකු සේවා ක්ෂේත්‍රය පුළුල් වෙමින් සහ එහි තරගකාරීත්වය ඉහළ යමින් පවතින පසුබිමක් තුළ, මේ ආකාරයට නැවත වරක් මෙරට විශිෂ්ටතම ඉස්ලාමීය මූල්‍ය සේවා සමාගම ලෙස ඇගයීමට පාත්‍ර වීමට අමානා බැංකුවට හැකි විය. අඛණ්ඩව 7 වන වරටත් මෙම සම්මානය දිනාගැනීමට සමත් වීම, පොලී රහිත මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ අමානා බැංකුව කෙතරම් ඉදිරියෙන් සිටින්නේද යන්න පිළිබඳව මනා සාක්ෂියකි. මීට පෙරද ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන එමින්, Global Finance Magazine මගින් ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවරදී 18 වැනි වරටත් පවත්වන ලද ‘ලොව විශිෂ්ටතම බැංකු’ සම්මාන උළෙලේදී (World’s Best Banks Awards) ලොව විශිෂ්ටතම නැගී එන ඉස්ලාමීය බැංකුව සම්මානය හිමිකර ගැනීමට අමානා බැංකුව සමත් විය.

මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින්, අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසී ය. “අඛණ්ඩව 7 වන වරටත් මේ ආකාරයට සම්මානයෙන් පිදුම් ලැබීමට හැකිවීම අප ලද විශාල ගෞරවයක්. අපගේ සුවිශේෂී බැංකුකරණ ආකෘතිය ඔස්සේ වර්ධනයට මංපෙත් විවර කරමින් සහ ජීවිත වඩාත් යහමත් කරමින් අප යන ගමනට දිගින් දිගටම සහයෝගය දෙන සියලුම දෙනාට මගේ ස්තූතිය හිමිවනවා. රටේ බැංකු ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන්ම සිටීමට අපට හැකිවී තිබෙන්නේ මේ සහයෝගය නිසයි.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

Featured

Hajj 2025

අයදුම් කරන්න
Chat on WhatsApp