• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුව LankaPay Technnovation - 2023 රන් සම්මානයෙන් පිදුම් ලබයි

අමානා බැංකුව May 3, 2023

LankaPay ගෙවීම් ජාලයේ නිල මෙහෙයුම්කරු වන LankaClear Limited විසින් අඛණ්ඩව 5 වන වරටත් පවත්වන ලද ‘LankaPay Technnovation’ 2023 සම්මාන උළෙලේ ‘Best Common ATM Acquirer of the Year – C කාණ්ඩය යටතේ රන් සම්මානයයෙන් පිදුම් ලැබීමට අමානා බැංකුව සමත් විය. මෙරට තුළ ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රම ප්‍රවර්ධනය කරමින් ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු හා කාර්යක්ෂම සේවාවක් සැලසීම සඳහා කැප වී කටයුතු කරන පුරෝගාමීන් ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණ විය.

“නවෝත්පාදන සහ නවීන තාක්ෂණය ඔස්සේ වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් සමීප කරලීම සඳහා ඉටු කළ මෙහෙවර වෙනුවෙන් නැවත වරක් LankaPay වෙතින් මෙලෙස ඇගයීමට ලක්වීම අපට මහත් සතුටක්. උපාය මාර්ගික වශයෙන් වැදගත් ස්ථානවල ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථාන පිහිටුවීමට ගත් තීරණය අපට අතිශය සාර්ථක ප්‍රතිඵල අත්කර දී තිබෙනවා. එමෙන්ම එය ගනුදෙනුකරුවන්ටත් විශාල පහසුවක් ගෙන දෙනවා. නොඑසේ නම් මුදල් ලබාගැනීමේ හෝ මුදල් තැන්පත් කිරීමේ කර්තව්‍යයන් වලදී ඔවුන්ට විශාල දුරක් ගමන් කිරීමට සිදුවෙනවා.” මෙම අවස්ථාවට සහභාගී වූ අමානා බැංකුවේ ප්‍රධාන තොරතුරු නිලධාරී මොහමඩ් කියාසුදීන් මහතා එසේ අදහස් දැක්වී ය.

ගෝලීය බැංකුකරණ ක්ෂේත්‍රයේ සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින, හවුල්කාරීත්වය පදනම් කරගත් පොලී රහිත බැංකුකරණ ආකෘතියට අනුකූලව සම්පූර්ණයෙන්ම කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ බලපත්‍ර ලබා ඇති පළමු සහ එකම වාණිජ බැංකුව අමානා බැංකුවයි. ‘Enabling Growth and Enriching Lives’ යන මෙහෙවර මුල්කරගත් අමානා බැංකුව මේ වන විට ශාඛා 33 ක් සහ ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථාන 20 ක් පිහිටුවා ඇති අතර, දිවයින පුරා ATM යන්ත්‍ර 5,800 කට වැඩි සංඛ්‍යාවකින් අමානා බැංකු ගිණුම් සඳහා පිවිසිය හැකි වේ. එමෙන්ම අන්තර්ජාල බැංකුකරණ සේවාව, අන්තර්ජාලය ඔස්සේ ගිණුම් විවෘත කිරීමේ පහසුකම, SMS Alerts සේවාව සහිත ඩෙබිට් කාඩ්පත්, පැය 24 පුරා ක්‍රියාත්මක මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර සහ කාන්තාවන් වෙනුවෙන්ම වෙන් වූ බැංකුකරණ ඒකක වැනි සේවාවන් රැසක්ද අමානා බැංකුව මේ වනවිට හඳුන්වා දී ඇත.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස පමණක් කටයුතු කරයි.

ඡායාරූපය: අමානා බැංකුවේ ප්‍රධාන තොරතුරු නිලධාරී මොහමඩ් කියාසුදීන් සහ සහකාර උප සභාපති (තැන්පතු සහ ඩිජිටල් ප්‍රවේශණ) අර්ෂාඩ් ජමාල්ඩීන් යන මහත්වරුන් සමග කණ්ඩායම් සාමාජිකයන් වන රිෆාඩ් රිසාන්, ලෙයිලා ජලීල්, සහ ෂහීර් නෞෂාඩ් යන මහත්ම මහත්මීන් LankaPay Technnovation 2023 සම්මාන උළෙලේදී හිමි වූ සම්මානය අතැතිව

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo