‘වසරේ විශිෂ්ටතම ගනුදෙනුව’ සහ ‘විශිෂ්ටතම අලෙවිකරණ වැඩසටහන’ යන රන් සම්මානද හිමි වේ
පසුගියදා පැවති 2021 SLIBFI සම්මාන උළෙලේදී අඛණ්ඩව 3 වන වරටත් වසරේ විශිෂ්ටතම සමාගම ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට අමානා බංකුව සමත් විය. SLIBFI සම්මාන උළෙල මෙවර පවත්වන ලද්දේ 10 වන වරට වන අතර, KPMG මගින් ස්වාධීනව එහි ජයග්‍රාහකයන් තෝරාගන්නා ලදි.
සම්මාන උළෙලේ ඉහළම සම්මානය ලෙස සැලකෙන ‘වසරේ විශිෂ්ටතම සමාගම’ සම්මානය දිනාගැනීමට අමතරව, පෞද්ගලික ගුවන් සේවයක මෙහෙයුම් කටයුතු සඳහා මූල්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් ‘වසරේ විශිෂ්ටතම ගනුදෙනුව’ සම්මානයද, ජංගම ගිණුම් ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන වෙනුවෙන් ‘වසරේ විශිෂ්ටතම අලෙවිකරණ වැඩසටහන’ සම්මානයද අමානා බැංකුව වෙත හිමි විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසී ය. “අමානා බැංකුවට වසර 10 ක් සපිරෙන මෙම වසරේදී, අඛණ්ඩව 3 වන වරටත් මෙලෙස SLIBFI සම්මාන හිමිකර ගැනීමට හැකිවීම අපට මහත් සතුටක්. විශේෂයෙන්ම පවතින ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී ලංකාව තුළ පොලිය පදනම් කර නොගත් බැංකුකරණ ආකෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා අප දරන උත්සාහයේ සාර්ථකත්වය මෙමගින් මැනැවින් නිරූපණය වනවා. අප කෙරෙහි දිගින් දිගටම විශ්වාසය තබමින් අපගේ ඉදිරි ගමනට අත්වැලක් වන අපගේ ගනුදෙනුකරුවන්, කාර්ය මණ්ඩලය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සියලුම දෙනාටත් මෙම සම්මාන වල ගෞරවය හිමි විය යුතුයි. එමෙන්ම අඛණ්ඩව වසර 10 ක් තිස්සේ මෙම සම්මාන උළෙල සාර්ථක ලෙස පැවැත්වීමට හැකි වීම සම්බන්ධයෙන් KPMG ඇතුළුව SLIBFI සම්මාන උළෙලේ සංවිධායකවරුන් සියලුම දෙනාටද මාගේ සුභපැතුම් එක්කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.”
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. 2020 ඔක්තෝබර් මාසයේදී Fitch Ratings Sri Lanka ආයතනය අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම ‘BB+(lka) with a Stable Outlook’ ලෙස තහවුරු කළේ ය. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.