• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුවට නැවතත් ‘BB+ Stable Outlook’ ෆිච් ශ්‍රේණිගත කිරීම හිමි වේ

Amãna Bank October 7, 2021

2021 සැප්තැම්බර් මාසයේදී සිදුකළ නවතම සමාලෝචනයේදී අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිය ‘BB+ Stable Outlook’ ලෙස නැවතත් තහවුරු කිරීමට ෆිච් රේටිංස් ශ්‍රී ලංකා ආයතනය කටයුතු කළේ ය. 2020 ජූනි මාසයේදී ෆිච් රේටිංස් ආයතනය අමානා බැංකුවේ ශ්‍රේණිය මෙම මට්ටමට උසස් කරන ලද අතර, නවතම සමාලෝචනය මගින් එය නැවත වරක් තහවුරු කර ඇත. ශ්‍රී ලංකාවේ මෙහෙයුම් පරිසරය පිළිබඳව කරන ලද තක්සේරුව හමුවේ වුවද අමානා බැංකුවට නැවතත් මෙම ශ්‍රේණිය හිමි වී තිබේ.

2021 සැප්තැම්බර් මාසයේදී සිදුකළ නවතම සමාලෝචනයේදී අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිය ‘BB+ Stable Outlook’ ලෙස නැවතත් තහවුරු කිරීමට ෆිච් රේටිංස් ශ්‍රී ලංකා ආයතනය කටයුතු කළේ ය. 2020 ජූනි මාසයේදී ෆිච් රේටිංස් ආයතනය අමානා බැංකුවේ ශ්‍රේණිය මෙම මට්ටමට උසස් කරන ලද අතර, නවතම සමාලෝචනය මගින් එය නැවත වරක් තහවුරු කර ඇත. ශ්‍රී ලංකාවේ මෙහෙයුම් පරිසරය පිළිබඳව කරන ලද තක්සේරුව හමුවේ වුවද අමානා බැංකුවට නැවතත් මෙම ශ්‍රේණිය හිමි වී තිබේ.

මූලික වශයෙන් ඉහළ ප්‍රතිලාභ සලසන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ පාරිභෝගික ඛාණ්ඩ මූලික කරගත් අමානා බැංකුවේ මූල්‍ය සම්පාදන සේවාවන් එකතුව මධ්‍ය කාලීනව ක්ෂේත්‍රයේ සාමාන්‍ය අගයට වඩා වැඩි වර්ධනයක් පෙන්නුම් කරනු ඇති බවත්, එය බැංකුවේ ලාභදායීත්වය ඉහළ නංවනු ඇති බවත් ෆිච් ආයතනය පවසයි. 2020 මූල්‍ය වර්ෂයේ ප්‍රථම අර්ධය තුළ රු. මිලියන 250.5 ක් වූ අමානා බැංකුවේ බදු-පෙර ලාභය 2021 මූල්‍ය වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය තුළ 102% කින් වර්ධනය වී, රු. මිලියන 505.7 ක් ලෙස වාර්තා වේ. අඛණ්ඩව 4 වන වරටත් ලාභාංශ ගෙවීමක් ප්‍රකාශයට පත්කිරීමටද අමානා බැංකුව කටයුතු කළ අතර, එය කොටස් ලාභාංශ ගෙවීමක් ලෙස සිදුකෙරේ. මෙවර ගෙවනු ලබන ලාභාංශ වල මුළු වටිනාකම රු. මිලියන 260 ක් වන අතර, එය 2020 වසරේදී සිදුකළ ලාභාංශ ගෙවීමට සාපේක්ෂව 30% ක වර්ධනයකි.

ජාතික ශ්‍රේණිගත කිරීම් තුළ සිටින සමාගම් වලට සාපේක්ෂව තම අත්තිකාරම් පැතිකඩ වර්ධනය කරගනිමින් තම මූල්‍ය තත්ත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීමෙන් අනතුරුව අමානා බැංකුවේ ණය ශ්‍රේණිගත කිරීම තවදුරටත් ඉහළ නැංවීමට හැකිවනු ඇති බව ෆිච් ආයතනය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසී ය. “කොවිඩ් -19 නිසා ව්‍යාපාර කටයුතු වලට දිගින් දිගටම අභියෝග එල්ල වෙමින් පවතින පසුබිමක් තුළ මේ ආකාරයට ෆිච් රේටිංස් ශ්‍රී ලංකා ආයතනය නැවත වරක් අපගේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම ‘BB+ with a stable outlook’ ලෙස තහවුරු කර තිබීම අපට මහත් සතුටක්. පසුගිය වසර 2 ක කාලය තුළ සාර්ථක ලෙස අභියෝග වලට මුහුණ දී එම අභියෝග ජයගැනීමට අප සමත් වී ඇති බව මෙමගින් මනාව පැහැදිලි වෙනවා. එමෙන්ම නිවැරදි කළමනාකරණය සහ පාරිභෝගික සම්බන්ධතා ඔස්සේ ක්ෂේත්‍රයේ සාමාන්‍ය මට්ටමට වඩා පහළ අක්‍රීය ණය අනුපාතයක් පවත්වා ගනිමින්, වත්කම් වල ගුණාත්මක භාවය ඉහළ මට්ටමක රඳවා ගැනීමට අමානා බැංකුව සමත් වී තිබෙනවා. අපගේ ජනතා හිතවාදී බැංකුකරණ ආකෘතියට මේ වන විට විශාල පිළිගැනීමක් හිමිවී ඇති නිසා ඉදිරියේදී අපගේ මූල්‍ය තත්ත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට කිසිදු සැකයක් නෑ.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. 2020 ඔක්තෝබර් මාසයේදී Fitch Ratings Sri Lanka ආයතනය අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම ‘BB+(lka) with a Stable Outlook’ ලෙස තහවුරු කළේ ය. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo