• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුව දකුණු ආසියාවේ විශිෂ්ටතම ආයතනය ලෙස IFFSA රන් සම්මානයෙන් පිදුම් ලබයි

Amãna Bank January 6, 2022

අමානා බැංකුව පසුගියදා පැවති IFFSA සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ආයතනය සඳහා වන රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ඉන්දියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල් ඇතුළුව සමස්ත දකුණු ආසියානු කලාපයේ, පොලිය පදනම් කර නොගත් ඉස්ලාමික බැංකු හා මූල්‍ය සේවා සමාගම් හා ආයතන ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණ වී තිබේ. මෙම සම්මානයට අමතරව, දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම බැංකුව සඳහා වන රන් සම්මානයද, පෞද්ගලික භාණ්ඩ හා මගී ප්‍රවාහන ගුවන් සේවාවක් සඳහා මූල්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් වසරේ විශිෂ්ටතම ගනුදෙනුව කාණ්ඩය යටතේ රිදී සම්මානයද අමානා බැංකුව වෙත හිමි විය.

අඛණ්ඩව 6 වන වරටත් පැවති IFFSA සම්මාන උළෙල, පොලී රහිත ඉස්ලාමීය බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රය කලාපීය මට්ටමින් ඇගයීමට ලක්කරන එකම සම්මාන උළෙලයි. ඉස්ලාමීය බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන සමාගම් හා ආයතන රාශියක් ඉතාමත් උනන්දුවෙන් මෙම සම්මාන උළෙලට සහභාගී වෙති. මෙම සම්මාන දිනාගැනීමේදී අමානා බැංකුව ශ්‍රී ලංකාව පදනම් කරගත් අනෙකුත් මූල්‍ය ආයතනවලට අමතරව පාකිස්ථානය, බංග්ලාදේශය සහ මාලදිවයින වැනි පරිණත ඉස්ලාමීය බැංකුකරණ සහ මූල්‍ය වෙළඳපොළවල ක්‍රියාත්මක වන සමාගම් හා ආයතන සමගද තරග කළේ ය.

“දකුණු ආසියාවේ විශිෂ්ටතම ඉස්ලාමීය මූල්‍ය ආයතනය ලෙස මෙන්ම, අදාළ කාණ්ඩය යටතේ වසරේ විශිෂ්ටතම ඉස්ලාමික බැංකුව ලෙසද සම්මාන හිමිකර ගැනීමට හැකිවීම අපට මහත් ගෞරවයක්. මෙය අමානා බැංකුව ඉස්ලාමික බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ ඉදිරියටම පැමිණ සිටින බව නැවත වරක් තහවුරු කරන සාධකයක් ලෙස හැඳින්විය හැකියි. මෙවැනි ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිකර ගැනීම සඳහා අපට සහයෝගය ලබාදුන් අපගේ කාර්ය මණ්ඩලය, ගනුදෙනුකරුවන් සහ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන්ට මාගේ ස්තූතිය හිමිවනවා.” අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා පැවසී ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo